25.2 C
Colombo
Sunday, November 24, 2024

රටේ මිනිස්සුන්ට ප්‍රශ්න; මට ඩුබායි යන්න බෑ..!

- Advertisement -

අග්‍රාමාත්‍යවරයා සිය ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙරට ආර්ථික අර්බුදය සහ වර්ධනය වන විවිධ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 සීමාවට ළඟා වී ඇති බැවින් ලබන වසරේ සිට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සුබවාදීව සිටින බවත් රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව ඇති නිසා අගමැතිවරයාට මේ මොහොතේ ඩුබායි සංචාරයේ නිරත වීමට නොහැකි බවත් යෝෂිත රාජපක්ෂ මහතා පැවසූ බවයි එම පුවත්පත සඳහන් කරන්නේ.

ඩුබායි එක්ස්පෝ උත්සවයට සහභාගී වීම සඳහා අගමැති රාජපක්ෂ 2022 ජනවාරි 2 වන දින ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණා. ඒ, ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ආරාධනයකට අනුවයි.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES