ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ අත ගසා දමන අයුරු දැකගත හැකි විය.
ඒ, ‘වැඩ කරන රටක්’ ගීතය වාදනය වන අතරතුර වේදිකාවේදී අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ අත එසවීමට උත්සහ කළ අවස්ථාවේදීයි.
අග්‍රාමාත්‍යවරයාගේ ගිණුමකින් මුදල් ලබාගත් බවට මාධ්‍ය වාර්තා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ හිටපු පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ද මෙවැනි තත්වයකට එවකට මුහුණ දුන් අයුරුද මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.