24.1 C
Colombo
Friday, November 29, 2024

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපයි..!

- Advertisement -

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හැරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

එමෙන්ම, වෙනත් රජයේ ආයතනවලින් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු මුල් ආයතන වෙත ආපසු යැවීමටත් වෙනත් ආයතනවලින් ලබාගෙන තිබුණු වාහන 16ක් ආපසු භාරදීමටත් කටයුතු කර ඇති බවත් සඳහන්.

ඒ අනුව කුඩා කාර්ය මණ්ඩලයක් සහ සීමිත සම්පත් භාවිතයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු කරමින් වියදම් කපා හැරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති අතර මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන අනෙකුත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ වියදම් අඩු කිරීමට පියවර ගතයුතු බවත් ඒ සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලන බවත් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, මාර්තු මාසයේදී රුපියල් මිලියන 126කුත් වශයෙන් වියදම් කර ඇති බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන...

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

POPULAR ARTICLES

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අද (29) පස්වරු 1ට මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී ආරම්භ...

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන්. හතරවන දිනටත් උඩරට මාර්ගයේ...