අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස ඉදිරිපිට පැවැත්වෙනවා.
අදාළ විරෝධතාවයට මේ වන විට දැවැන්ත පිරිසක් සහභාගි සිටින අතර පෙර සූදානමක් නොමැතිවීම නිසා ආරක්ෂක අංශවලට එම ස්ථානය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.
මේ අතර, උද්ඝෝෂකයන් අගමැති නිල නිවසේ තාප්පයෙහි සිය විරෝධතා පාඨ ලියනු දැකගත හැකි විය. පහතින් දැක්වෙන්නේ එවැනි කවියක්.
කොකා ගස්සපු එකා තාමත්
ඉඹින්නැති උගෙ ඇඟිල්ල..
හීනෙනුත් රෑ දකින්නට ඇති
උගේ කරපටි බැඳිල්ල..
කනට ලෝදිය වගේ වෙන්නැති
මැරුණු උන්ගේ යැදිල්ල..
දිනෙක රජුටත් හැරෙනවාමයි
ඉඳින් ඒ තැබු වෙඩිල්ල..