28 C
Colombo
Monday, September 23, 2024

ගෝඨාට ඉවත්වෙන්නැයි පොහොට්ටු මන්ත්‍රීවරුන් කියයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම යනුවෙන් සඳහන් එම කණ්ඩායම ඉදිරිපත් කළ ලිපියේ දැක්වෙන්නේ රට තුළ තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන විධායක ජනාධිපති ධුරයෙන් වහාම ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බවයි.

අදාළ ලිපිය යොමු කරමින් එම මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයාට කියා සිටින්නේ, 2019 නොවැම්බරයේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා ඔවුන් අවංකව ම කැප වූ බවත්, මේ වන විට අති බහුතරයක් ජනතාවගෙන් ජනාධිපතිවරයා කෙරේ ඇති විශ්වාසය බිඳ වැටී තිබෙන බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන, පැහැදිලි බහුතරයක් දිනාගත හැකි, දූෂණ චෝදනා නොමැති පරිනත මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිවරයාගේ තනතුර බාර දෙන ලෙසත් අදාළ ලිපිය මගින් ඉල්ලා සිටිනවා.

ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එම ලිපිය යොමුකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

Breaking: නව ජනාධිපති මෙන්න

ශ්‍රී ලංකාවේ නව වන ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. පැවති...

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සියලු අපේකෂකයන් ලබාගත් ඡන්ද මෙන්න

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක්. එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක්. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා...

ජනාධිපතිවරණයේ දෙවනවර ගණනය කිරීමේ ප්‍රතිඵල

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද...

POPULAR ARTICLES

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ...