27 C
Colombo
Friday, December 27, 2024

පොහොට්ටු ප්‍රතිපත්ති වෙනුවෙන්- රාජ්‍ය සේවකයන්ට දිවුරන්න සිදුවෙයි

- Advertisement -

මැතිවරණයකට ඉදිරිපත් කළ දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දීමට රාජ්‍ය සේවකයන්ට සිදු වී තිබේ.

ජනවාරි 01 වැනි සිකුරාදා සියළු රාජ්‍ය සේවකයන් එම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දිවුරුමක් ලබා දිය යුතුය. ඒ සඳහා සියළු ආයතනවල උත්සව ක්‍රියාත්මක කරන ලෙසට නියෝග ලැබී තිබේ.

මුලින්ම එළිදැක්වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටකවරයෙහි පොහොට්ටුව ලකුණ සහ කතිරය සඳහන්ව ඇත.

සම්ප්‍රදායක් ලෙස මැතිවරණවලට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන රාජ්‍ය පාලනයේදී දේශපාලන නායකයන් අනුගමනය කළද, එහි සංකල්ප අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළද, රාජ්‍ය සේවකයන්ට පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දීමට සිදු වන්නේ නැත. රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව තමන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට අවස්ථාව ඇත. ඔවුන් බැඳී සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය, අණ පනත් සහ චක්‍රලේඛ මතය.

ලෝක දේශපාලනයේ එවැනි උදාහරණ ඇත්තේ ඇඩොල්ෆ් හිට්ලර් නාසි ප්‍රතිපත්ති රටේ ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාව වැනි, ඒකාධිපති පාලකයන්ගේ පාලන සමයන්හිදිය.

මීට පෙර රජයේ නිල ලේඛන, ගැසට් පත්‍ර ආදියට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කරුණු ඇතුළත් කර තිබුණු අතර, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලෙස නිල ලේඛනවලට ඇතුළත් කිරීම පිළිබඳ විචාරකයන් විවේචන සිදු කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

POPULAR ARTICLES

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...