ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සාගල රත්නායක මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධය තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
ඒ අද (09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ගෙන ආ ඒකාබද්ධ යෝජනාව සඳහා ඡන්ද විමසීම සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික ඡන්දයෙන් සම්මත වීම සමඟයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයට විගණකාධිපති වාර්තාව හරහා දූෂණ,අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු පසුබිමක ඔවුන් ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ක්‍රියා කළ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සාගල රත්නායක මහතාට සෘජුව චෝදනා කළා.
ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් යොදවන ඇතැම් ව්‍යාපාරිකයන්, සූදු ව්‍යාපාරයේ යෙදෙන්නන් මෙන්ම නොයෙකුත් ජාවාරම්කරුවන් ක්‍රිකට් ක්‍රීඩාව විනාශය කරා ගෙන යන විට ඒ පුද්ගලයන් ආරක්ෂා කරන ආකාරයෙන් සාගල රත්නායක මහතා කටයුතු කරන බවටයි දිගින් දිගටම චෝදනා එල්ල වූයේ.
එවන් පසුබිමක පක්ෂ විපක්ෂ සියලු දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී එක්වී ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම කැපී පෙනුණා.
විපක්ෂය ගෙන ආ මෙම යෝජනාව ස්ථීර කරමින් ආණ්ඩුවේ පාර්ශවයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ සමීපතම පුද්ගලයෙකු වන සාගල රත්නායක මහතාට එල්ල කළ අතුල් පහරක් ලෙසට දේශපාලන විචාරකයින් අදහස් දක්වනවා.