32 C
Colombo
Wednesday, April 2, 2025

බිග්මැච්වලදී පිළිපදින්න පොලීසියෙන් උපදෙස්

- Advertisement -

පාසල් ක්‍රිකට් තරග අතරතුර නීතියට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඉදිරියේදී රථ වාහන පෙළපාලි, බීමතින් රිය පැදවීම්, අපරික්ෂාකාරී රිය පැදවීම්, අනවසර මගීන් ගෙනයෑම වැනි මාර්ග වැරදි සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කරන බවයී.

මෙම තරග සංවිධායකයින් සංවිධායකයින් අදාළ පොලිස් වසමේ පොලිස් නිලධාරීන් හමුවී සංවිධාන කටයුතු කිරීම වඩාත් සුදුසු වනු ඇති බවත් බාධාවලින් තොරව මෙම කටයුතු සිදුකරගෙන යෑමට ඉන් අවස්ථාව ලැබෙනු ඇති බවත් ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

“මේ දිනවල රටේ පවතින පාසල් ක්‍රිකට් තරගාවලි ඉතාම උණුසුම් ස්වරූපයක් ගන්නවා. ඒ පිළිබඳව නැවතත් ශිෂ්‍යයන්, ආදි සිසුන්, දෙමව්පියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් අපිට නිරීක්ෂණය වෙනවා. “පසුගිය කාලයේ වාර්තා වුණු ඛේදජනක සිදුවීම් අපි කවුරුත් දන්නවා. ජීවිත හානි, බරපතළ රිය අනතුරු, කලහකාරී සිදුවීම් වගේ දේවල්. පොලීසිය මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ. ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා රථ වාහන පෙළපාලි, බීමතින් රිය පැදවීම්, අපරික්ෂාකාරී රිය පැදවීම්, අනවසර මගීන් ගෙනයෑම වැනි මාර්ග වැරදි ගැන කටයුතු කරන්න. ඒ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. තරග සංවිධායකයින් අදාළ පොලිස් වසමේ පොලිස් නිලධාරීන් හමුවී සංවිධාන කටයුතු කරගන්න. බාධාවලින් තොරව මෙම කටයුතු සිදුකරගෙන යෑමට ඉන් අවස්ථාව ලැබෙනවා. ඔබේ පාසලේ ගෞරවනීය නාමය ආරක්ෂා කරගැනීමට ඔබ සියලුදෙනා කටයුතු කළ යුතුයි.”

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ඡන්ද විමසීමට අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

POPULAR ARTICLES

පළාත් පාලන ඡන්ද විමසීමට අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර...

වසර 56කට පසු ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට

025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...