අරලියගහ මන්දිරය අසළ මයිනාගෝ ගමට ප්රහාරයක් එල්ල කළ මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකයන් හට කොළඹ ගාලු මුවදොර අභියස පිහිටි ගෝඨාගෝ ගමට පැමිණීම සඳහා පොලීසිය කිසිදු බාධාවකින් තොරව ඉඩලබාදී තිබෙනවා.
ඔවුන් පැමිණීමෙන් ගැටුමක් ඇතිවන බව හොදාකාරවම දන්නා පොලීසිය ඊට බාධා නොකර සියලු පහසුකම් සැපයීම විශේෂත්වයක්.
කඳුළු ගෑස් සහිතව පොලීසිය සූදානම්ව සිටියද මේ වන විට පිරිස විසුරුවා හැරීමට කිසිදු ක්රියාමාර්ගයක් මේ වන තෙක් ගත්තේ නැහැ.