25 C
Colombo
Sunday, March 23, 2025

බස් රේස් ගිය රියදුරන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට – (VIDEO)

- Advertisement -

මඟීන් සිටින අවස්ථාවේ දී අධික වේගයෙන් අවදානම් සහගත ලෙස ධාවනයේ යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සිට හැටන් දක්වා සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථ දෙක ගිනිහත්හෙන සිට හැටන් දක්වා අධික වේගයෙන් තරඟකාරී ලෙස බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් එම බස් රථවල ගමන් ගත් මඟීන් හැටන් පොලීසිය දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව සඳහන්.

බස් රථ දෙක අන්තරාදායක ලෙස ධාවනය කරන අයුරු එම බස් රථ දෙක පිටුපසින් ආ පෞද්ගලික වාහනයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබෙනවා.

අදාළ දර්ශන හැටන් පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා යොමු කිරීමෙන් අනතුරුව හැටන් පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් බස් රථ නවතා රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන්ට මෝටර් රථ ආඥා පනතට පටහැනිව බස් රථයේ සවිකර තිබු උපාංග රැසක් ගැලවීමට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඊට අමතරව දින 10ක් ඇතුළත එම උපාංග ගලවා ඉවත් කරන තෙක් බස් රථ දෙකෙහි ආදායම් බලපත්‍රය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා භාරයට ගෙන තිබෙනවා.

අවධානම් සහිතව අධික වේගයෙන් බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් බස් රථ රියදුරන්ට හෙට (23) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින උපදෙස් ලබාදී ඇප මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙ ගැන පොලිසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව...

කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මීට සුළු මොහොතකට...

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක්...

POPULAR ARTICLES

පුංචි ඡන්දෙ ගැන පොලිසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව...

දෙවුන්දර ඝාතනයට කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අල්ලයි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ පොලීසිය...

කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මීට සුළු මොහොතකට...