28 C
Colombo
Saturday, October 5, 2024

ලක්ෂ 10ක දේපොළ සොරාගත්තැයි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

- Advertisement -

කොස්ගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගම පොලිසිය පැවසුවේ, ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය වීම හේතුවෙන් එලෙස එම පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙක්.

ඉකුත් අප්‍රේල් මස 28 වෙනිදා රාත්‍රී කාලයේදී සිදුවී තිබූ මෙම සොරකම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය කරගන්නා ලද කරුණු මත අපරාධ ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඇඟිලි සලකුණු සමග සැකකාර බාහිර පුද්ගලයන් කීප දෙනෙකුගේ ඇඟිලි සටහන්ද විමර්ශන කටයුතු සඳහා ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයාගේ ඇගිලි සටහන් සමග සංසන්දනය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...