25 C
Colombo
Friday, October 25, 2024

පැමිණිල්ලක් දාන්න පොලීසියට ගිය තරුණියකට පොලිස් කොස්තාපල්වරයෙක්ගෙන් අතවරයක්

- Advertisement -

පියාගෙන් සිදුවන කරදර සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමට ගිය තරුණියක් ගැබ් කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මුලස්ථානය කියා සිටින්නේ පෙබරවාරි මාසයේ දිනක ගැබ් ගත් බව කියන තරුණිය සිය මව සමඟ පොලීසියට පැමිණ ඇති බවයි.

එහිදී සිය පියාගෙන් සිදුවන හිරිහැර සම්බන්ධව පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

නමුත් කාන්තා නිලධාරිනියක් නොමැති බව පවසා එදින රැය පහන් වන තෙක් ඔවුන් පොලීස් ස්ථානයේ රඳවා තබා ගනිමින් පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

තරුණියගේ ජංගම දුරකථන අංකය ලබාගත් පොලිස් කොස්තාපල්වරයා ඇයට ඇමතුමක් ලබාදී මුදල් හා පරිඝනක ලබා දෙන බව පවසමින් කල්ලඩි ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පසුව ඇය සති කිහිපයකට ඉහත දී ඇය ගැබ් ගත් බව පොලිස් කොස්තාපල්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු ඇයව මඟ හැරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව තරුණිය පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකර ඇති අතර මුලික විමර්ශනවලින් අනතුරුව පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...