29.1 C
Colombo
Sunday, March 30, 2025

පොලිසියට, පොලිසියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

- Advertisement -

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවාගෙන ප්‍රශ්නකරන බව කෙසෙල්වත්ත පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව දැනුම්දී තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන්ව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර දී තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුවන්ගෙන් රදවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය, පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කළා.

කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

POPULAR ARTICLES

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක්

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම්...