28 C
Colombo
Saturday, September 14, 2024

අත්අඩංගුවට ගත් අයට සිදුවෙන වධහිංසා වළක්වන්නැයි දුන් නියෝග පොලීසිය නොසලකා හැරලා

- Advertisement -

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බවත් පොලීසියේ බලධාරීන් විසින් අදාළ නියෝග සහ අවවාද නොසලකා හැර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබෙනවා.

2009 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකදී පොලිසිය විසින් තමන්ට අමානුෂික ලෙස සැලකීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරනා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරු එස්. තුරෙයිරාජා මහතා මේ බව පවසා තිබුණා.

ඒ විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමින්.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉනෝකා නදිශානි සහ අනුජ සමන්ත යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජගත් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවා තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස එවකට පෑලියගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ අජන්ත පුෂ්පකුමාර, කිරිබත්ගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක චන්දන ගමගේ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එහිදී විනිසුරුවරයා පවසා ඇත්තේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද යම් වන්දියක් ගෙවා නඩුකරය සමථයට පත්කර ගැනීම වඩා යෝග්‍ය බවයි.

ඒ අනුව,  විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ මතය ලබන ඔක්තෝබර් 11 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අවවාද කරමින් එදින දක්වා පෙත්සම කල් තැබීමට නියෝග කළා.

එහිදී විනිසුරු එස්. තුරෙයිරාජා මහතා පවසා ඇත්තේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් කෲර වධහිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම අවශ්‍ය නියෝග, අවවාද හා මාර්ගෝපදේශ නිකුත් කොට ඇතත් ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනෙන බවයි.

අධිකරණය විසින් මින් පෙර නිකුත් කර ඇති එකී නියෝග සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් හෝ මේ දක්වා ඉදිරිපත් නොකිරීමෙන් එකී බලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වී නොමැති බව පෙනී යන බවද විනිසුරුවරයා පවසා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට දඩයක් වැඩ වරදින ලකුණු

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා. යම් සේවා යෝජකයකු මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...