29 C
Colombo
Tuesday, January 21, 2025

අර්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

- Advertisement -

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ, අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එපමණක් නොව එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

අපරාධයකින් ලබා ගත් දේ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත්...

රජයට ලෝක බැංකුවෙන් සහතිකයක්

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා...

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුමැතිය

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග...

POPULAR ARTICLES

අපරාධයකින් ලබා ගත් දේ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත්...

රජයට ලෝක බැංකුවෙන් සහතිකයක්

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා...

තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙක් මරුට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදි තවත් පුද්ගලයින් 32දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර...