2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
ඒ අතරට මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 01 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 6ක් ඇතුළත්.
මාර්තු 24 වන දින නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව ප්‍රදේශයේ බැන තර්ජනය කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති අතර මුල්ලේරියාව පොලිස් ස්ථානය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි,
2025.03.24 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් ස්ථානය වෙතමාතලේ නගරය, බෝමලුව පාර, අගලවත්ත පාර හා හරස්ගම පාර යන මාර්ග දෙපස පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මාතලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025.03.25 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ යටවත්ත පොලිස් ස්ථානය වෙතයටවත්ත නගරයේ හා බිරිදෙවල මාර්ගයේ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. යටවත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025.03.25 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙතමහවෙල මාර්ගයේ හා නිකගොල්ල හන්දිය ප්‍රදේශයේ පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මහවෙල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025.03.25 වන දින වව්නියාව පොලිස් කොට්ඨාසයේ වව්නියාව පොලිස් ස්ථානය වෙතපෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. වව්නියාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025.03.25 වන දින කළුතර පොලිස් කොට්ඨාසයේ බදුරලිය පොලිස් ස්ථානය වෙතපෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. බදුරලිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025.03.25 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් ස්ථානය වෙතඅළු විහාරය සමන්දාව මාර්ගයේ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මාතලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.