28.5 C
Colombo
Monday, March 31, 2025

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

- Advertisement -

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව පෙරේදා (26) දිනයේදී අපරාධමය පැමිණිලක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ පැමිණිලි 02ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
   
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (28) නිකුත්කළ නිවේදනයේ මේ බව සඳහන් වනවා.

ඒ අනුව, එම අපරාධමය පැමිණිල්ල පානදුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වූ බව පොලිසිය එම නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා.

එදින හොරණ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ කාන්තාවකට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.  

හොරණ පොලිස් ස්ථානය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

එමෙන්ම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමවලට අදාළව එක් පැමිණිල්ලක් මඩකලපුව පොලිස් කොට්ඨාසයේ වාලච්චේන පොලිස් ස්ථානයෙන් වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයේ නිවසින් නිවසට ගොස් හාල්, සරම් හා මුදල් ලබා දෙන බවට පවසා ඇති බව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

අනෙක් පැමිණිල්ල මොනරාගල පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී තිබෙනවා.

අලගියාවත්ත, මරගලවත්ත, කුමාරවත්ත හා කිරිමණ්ඩල මාවතේ දේවාල ආසන්නයේ ප්‍රචාරක පුවරු සවිකිරීමකට අදාළව මොනරාගල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මෙම පැමිණිලි සම්බන්ධයෙන්ද ඒ ඒ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න සහායකයෙක් ලබා ගන්නේ කොහොමද?

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු...

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනය කරනවා – සාගර කාරියවසම්

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද...

POPULAR ARTICLES

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින...