27 C
Colombo
Monday, March 31, 2025

සමාජ මාධ්‍යවල ගිය පොලිස් වීඩියෝව ගැන පොලිසියෙන් නිවේදනයක්

- Advertisement -

පොලිස් නිලධාරියෙක් නිවසක ඇතුළුවී එහි කාමරයක දොරකට පයින් පහරදී එය විවෘත කරගැනීමට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය විය.

මෙම සිදුවීම නෙල්ලිඅඩි පොලිස් වසමේ ඇතිවූ සිදුවීමක් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි සඳහන් වන්නේ 2025.03.24 වන දින නෙල්ලිඅඩි පොලිස් වසමේ වෙම්බඩි ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් කුඩා එළ ගව පැටියෙකු මරා මස් කිරීමක් සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකල බවයි.

එම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු නිවසේ කාමරයක් තුළට දිව ගොස් කාමරයේ දොර වසා දොර අඟුල් දමා ගෙන තිබුණා.

එහිදී පොලිස් නිළධාරීන් විසින් සැකකරු කාමරය තුළ රැඳීසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට කාමරයේ අඟුල් දමා තිබූ දොර විවෘත කිරීම සඳහා නිලධාරියෙකු විසින් දොරට පා පහරවල් කිහිපයක් එල්ල කර දොර විවෘත කරගත් බවත් ඉන්පසු අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් නිවේදනයේ සඳහන්.

එම අවස්ථාවේදී අසල්වැසි නිවෙස්වල කාන්තාවන් පැමිණ කළහාකාරිව හැසිරිනු බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

වයස අවුරුදු 44ක් වන වෙම්බඩි තුන්නාල ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබු අතර පොරව දෙකක් සහ පිහියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පසුගිය සඳුදා දින (24) පේදුරුතුඩු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර තිබෙන අතර සැකකරු විසින් වරද පිලිගැනිමෙන් පසුව රුපියල් 30000ක දඩයක් නියම කර තිබුණා.

එම ස්ථානයේ කළහකාරී ලෙස හැසිරුණ කාන්තාවන් දෙදෙනෙකුද එදින නෙල්ලිඅඩි පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප් කර මුදා හැර තිබෙනවා.

මෙම නඩුව අප්‍රේල් මස 04 වන දිනට කල් තබා තිබෙන අතර එම අවස්ථාවේ කළහකාරීලෙස හැසිරුණ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුමක්

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පේරා⁣දෙණිය, ඒදඬුවාව ප්‍රදේශයේ දී අද (31) රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙමඅනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා. තවත් දෙදෙනෙකුට තුවාල ලබා ඇති බව...

POPULAR ARTICLES

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුමක්

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

 ක්‍රිකට් නිලවරණයත් අද

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වෙනවා. වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවත...