යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා.
ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී.
ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව රුපියල් මිලියන 24 කට අධික මුදලක් හා පොලිස් ප්‍රසංශා 25ක් පිරිනමනු ලැබුවා.
ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
මෙම ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100ක්, කාන්තා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 05ක්, පොලිස්සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් 231 ක් හා කාන්තා පොලිස් සැරයන් සහ කොස්තාපල්වරියන් 38ක්, පොලිස් සැරයන් රියදුරු සහ කොස්තාපල් රියදුරු නිලධාරීන් 08ක් මෙන්ම යුද හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් 113ක් , සිවිල් ආරක්ෂක නිලධාරීන් එක් අයෙකු හා සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළු 515 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.
මේ සඳහා පොලිස් ත්‍යාග අරමුදල මඟින් රුපියල් මිලියන 29 කට අධික මුදලක් පිරිනැමීම සඳහාද කටයුතු සූදානම් කර තිබෙනවා.
0