හුණුපිටිය ගංගාරාම විහාරය අසළ බේරේ වැව රවුමේදී පොලීසිය විසින් විරෝධතාකරුවන් හට වෙඩි තබා තිබෙනවා.
එම ස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට පහරදීමක් සිදුවූ අතර පසුව පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
කෙසේවෙතත් එම ස්ථානයේ තත්ත්වය උණුසුම්වූ අතර පොලීසිය විසින් අහසට වෙඩි තැබීමක් සිදුකළ බවයි මුලින් වාර්තා වූයේ.
නමුත් පොලීසිය විසින් විරෝධතාකරුවන් ඉලක්ක කරමින් තිරස් අතට වෙඩි තබන දර්ශන අප වෙත ලැබී තිබෙනවා.
කෙසේවෙතත් අදාළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් හට හානිවී ඇත්දැයි තවමත් වාර්තා වන්නේ නැහැ.
එම දර්ශන පහතින්,