පාර්ලිමේන්තු වටරවුම අසල සාමකාමී විරෝධතාවක නියැලී සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තලංගම පොලිස් ස්ථානයට රැගෙන යමේදී පොලිසිය අනුගමනය කළ පිළිවෙත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
භික්ෂූන් වහන්සේලා, වයෝවෘධ පුද්ගලයන් ඇතුළු විරෝධාතාකරුවන්ව අත්පාවලින් ඔසවාගෙන බස් රථයකට ගෙන යාම කොවිඩ් නිරෝධායන රීතීන් උල්ලංගනය කිරීමක් මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙළීමක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
මෙසේ ඔසවාගෙන යාම් සිදු නොකරන ලෙස පොලිස්පතිවරයා ලිඛිතව දැනුම්දී තිබියදී පොලිස්පති නියෝගයද නොසලකමින් තලංගම පොලිසිය කටයුතු සිදුකිරීම විශේෂත්වයක්.
එම සම්පූර්ණ ලිපිය පහතින්
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
අධ්‍යක්ෂ – විමර්ශන,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
මහත්මයාණෙනි, මහත්මියනි,
නීති විරෝධී සහ අනාරක්ෂිත අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙනි
පාර්ලිමේන්තු වටරවුම අසල සාමකාමී විරෝධතාවක නියැලී සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තලංගම පොලිස් ස්ථානයට රැගෙන යනු ලැබූහ.
මේ පිරිස අතර වයෝවෘද්ධ පිරිස් ද සිටිනු දක්නට ලැබුණි.
ඔවුන් අත්පාවලින් ඔසවාගෙව බස් රථයකට ගෙන ගිය ආකාරයත්, පෙලිසිය ඔවුන් සමඟ පොර බැදූ ආකාරයත් නිසා විරෝධතාකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනද බරපතල ගැටලු සහගත බවක් තිබේ.
එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත්වී මූලික අයිතිවාසිකම් කඩවීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
සවිස්තරාත්මක පැමිණිල්ලක් වෙනම එවීමට කටයුතු කරමු.
ස්තුතියි
මෙයට,
විශ්වාසී,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය