සමගි ජනබලවේගයේ නාවලපිටිය ප්රධාන කාර්යාලය පොලිසිය විසින් මේ වන විට වට කොට තිබෙනවා.
නාවලපිටිය නගරයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සංවිධානය කළ ‘එක්ව නැගිටිමු ‘ රැළිය අද නාවලපිටියේදී මේ වන විට ආරම්භවී තිබෙනවා.
එය හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන අතර රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතු බවට විරෝධය පළ කරමින් පළකරමින් නාවලපිටිය නගරයේදී සමගි ජන බලවේගය විසින්ද විරෝධතාවයක් සංවිධානය කොට තිබුණා.
මෙහිදී පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ නාවලපිටිය ප්රධාන සංවිධායකවරයා ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට අධිකරණයටද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.