29.3 C
Colombo
Tuesday, April 8, 2025

ලංකාවේ මරණ ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

- Advertisement -

මෙරට තුළ සිදුවන මරණ අතුරින් හතරෙන් එකක් සිදුවන්නේ මාර්ගයේ සිදුවන වැරදි හේතුවෙන් බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ගයේ සිදුවන අනතුරුවලින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරු හේතුවෙන් සිදුවන බවයි.

“ශ්‍රී ලංකාවේ වර්ෂයකට 12,000ක් පමණ මියයනවා. මෙයින් හතරෙන් එකක් එනම් 3,000ක් පමණ මියයන්නේ, මාර්ගයේ සිදුවන වැරදි නිසා. ඒක ගණන් බැලුවොත් දිනකට 7 දෙනෙක් 8 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා. දැනට ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන මුලස්ථානයේ සංඛ්‍යා ලේඛන දත්ත අනුව මේ 2023 වර්ෂයේ දී ජනවාරි 1 වනදා සිට අගෝස්තු 31 දක්වා මාරක රිය අනතුරු 1,427කින් පුද්ගලයින් 1,500ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ මාර්ග රිය අනතුරුවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් විශේෂයෙන්ම මියයන්නේ යතුරුපැදි අනතුරුවලින්. යතුරුපැදිවල පැදිකරුවන් සහ පසුපැදිකරුවන්. එතකොට 2023 වර්ෂයේ දී ජනවාරි සිට අගෝස්තු 31 වනතුරු රිය අනතුරු 612කින් යතුරුපැදිකරුවන් 630ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපට අනතුරු අවම කරගැනීමට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වෙනවා 2030 වන විට 50%ක අඩු කරන්න. 50% කෙසේවෙතත් දිනකට 7ක් මියයන එක 4කට අඩුකර ගත්තොත් අපිට ලොකු ජයග්‍රහණයක්.”

මේ අතර හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී රියදුරන් 94 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද ඉන්දික හපුගොඩ මහතා තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

“අම්මපල්ලා” කියලා හේවගේ කියපු කතාවට නලින්දගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත ප්‍රමාණයක් සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ, ආණ්ඩුව බලයට පත්ව ගතවූ...

ඇප ලැබුණු වියාලේන්ද්‍රන් නැවතත් බන්ධනාගාරයට

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස්...

හරිනි IMF අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ  නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතා ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්...

POPULAR ARTICLES