26.2 C
Colombo
Wednesday, March 26, 2025

පොලිස් සාජන්ට හිටපු හමුදා සෙබලෙක් තඩිබාලා, ගහකට නැගලා

- Advertisement -

පූජාපිටිය පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුට මුගුරකින් පහරදී බරපතළ තුවාල සිදුකර ගසක් මතට නැඟ විරෝධතාවයක් සිදුකරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා හිටපු යුද හමුදා සෙබළෙක් වන අතර සිය සහෝදරයා සමග පැවති ආරවුලක් හේතුවෙන් පූජාපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීමට ඊයේ (25) පස්වරුවේ පොලිස් සැරයන්වරයෙකු පැමිණි අවස්ථාවේ දී සැකකරු මුගුරකින් සැරයන්වරයාට පහරදී තිබෙනවා.

බරපතළ තුවාල ලැබු සැරයන්වරයා මේ වනවිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සැරයන්වරයාට පහරදීම හේතුවෙන් තමාව අත්අඩංගුවට ගනී යැයි බියට පත්වූ හිටපු යුද හමුදා සෙබලා නිවස අසල කොස් ගසක මුදුනටම නැඟ ගසෙන් පැන සියදිවි නසාගන්නා බව පවසමින් පොලීසිය හා ප්‍රදේශවාසීන්ට තර්ජනය තිබෙනවා.

අධික වර්ෂාව පැවතියත් එම සැකකරු බිමට බැස නොමැති අතර, විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව ඔහු අද බිමට බැස තිබුණා.

පසුව පොලීසිය අදාළ සැකකරුව අත්අඩංගුවට ගත්බව අප වාර්තාකරු සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා...

දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු ඉලක්ක කර ගත් වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. අදාළ සැකකටයුතු මෝටර්...

සජිත් එක්ක සජබට ගමනක් නැහැ – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගය කඩා වැටීමට ලක්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ඒ...

POPULAR ARTICLES