31 C
Colombo
Wednesday, September 18, 2024

විරෝධතා මැඬලීමේදී පොලීසිය අයුතු ලෙස බලය පාවිච්චි කරලා – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

- Advertisement -

විරෝධතා මර්දනය කිරීමේ දී පුරවැසියන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් වගකිව යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය (Amnesty International) ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවකින් අනාවරණය කරනවා.

Sri Lanka: ‘Ready to suppress any protest’ යන නමින් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් 2022 මාර්තු සහ 2023 ජූනි අතර ශ්‍රී ලංකාවේ සිදු වූ විරෝධතා 30 කට අදාළ පොලිස් මෙහෙයුම්වල දී නීති විරෝධී ආයුධ භාවිතය යටතේ ගැනෙන බලය යෙදවීම සම්බන්ධයෙන් විශ්ලේෂණය කර තිබෙනවා

එම වාර්තාව සඳහන් කරන්නේ, මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සහ බැටන් පොලු අවභාවිත කිරීම්, අවම වශයෙන් විරෝධතා 17 කදී සිදුවූ සිදුවීම් ඇසුරෙන් වීඩියෝ සාක්ෂි සහිතව හඳුනාගෙන තිබෙන බවයි.

“ආරම්භයේ සිට ම, ශ්‍රී ලංකා පොලිසිය 2022-23 විරෝධතා මැඩ පැවැත්වීම සඳහා ප්‍රවේශ වී ඇත්තේ ඒවා නීති විරෝධී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් ඒවා මර්දනය කිරීමට බලය යෙදවිය යුතු බවත් උපකල්පනය කරමින්. සාමකාමීව විරෝධතා දැක්වීමට ජනතාවට අයිතියක් ඇති බවත්, විරෝධතා සඳහා පහසුකම් සැලසීමට සහ ආරක්ෂා කිරීමට බලධාරීන්ට යුතුකමක් ඇති බවත් හඳුනා ගැනීමට පොලිසිය අසමත් වී තිබෙනවා. ඒ වෙනුවට, ඔවුන් බොහෝ දුරට සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර, ලුහුබැඳ ගොස් පහර දී තිබෙනවා” යනුවෙන් එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

කොළඹ, බත්තරමුල්ල, කැලණිය, යාපනය සහ ගාල්ල යන ප්‍රදේශවල පැවති විරෝධතා 30ක සමාජ මාධ්‍යවල සංසරණය වූ සත්‍යාපිත වීඩියෝ 95ක් පිළිබඳ සම්මුඛ පරීක්ෂණ 39ක් සහ විවෘත මූලාශ්‍ර විමර්ශනයක් සිදු කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සිය වාර්තාව සකසා තිබෙනවා.

ඉකුත් මාර්තු මාසයේ දී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකා පොලිසියට ලිපියක් යවමින් මෙම වාර්තාවේ ඇති චෝදනා ගෙනහැර දක්වමින් නිල ප්‍රතිචාරයක් ඉල්ලා සිටිය ද ප්‍රකාශනය නිකුත්කරන අවස්ථාව වනවිටත් ඊට පිළිතුරක් ලැබී නොතිබුණු බවයි එම ආයතනය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා...

මගේ මානව හිමිකම් කඩවෙලා – ජනපති අපේක්ෂකයෙකුගෙන් පැමිණිල්ලක්

මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා අපේක්ෂකයකු වන තමාගේ පස්සෙන් පැන්නීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන ප්‍රේමසිරි මානගේ මහතා පොලීසියට පැමිණිල්ලක්...

නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් නවතයි

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබූ රැස්වීමකින් පසු පැවැත්වීමට නියමිතව තිබු රාත්‍රී භෝජන සංග්‍රහයක්...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...