25.6 C
Colombo
Thursday, November 28, 2024

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

- Advertisement -

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා.

බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෙබ් අඩවිය එළි දක්වා තිබුණා.

ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකියි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙන්ම පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහා අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම, පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමඟ මෙම වෙබ් අඩවිය නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙනවා.

එමෙන්ම ඉදිරියේදී පරිශීලකයින්ගේ පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුළ ඇතුළත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර...

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

අලුත් සොලිසිටර් ජනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...

POPULAR ARTICLES

සිංහ පෝතකයන්ගෙන් ඓතිහාසික ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද (28) වාර්තා කළා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ...

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර...