31 C
Colombo
Thursday, September 19, 2024

දේශපාලන උප්පරවැට්ටිවලින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මඟහරින්න බැහැ

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳ දරන ස්ථාවරය වෙනස් කරන ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රජය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කටයුතු කළ යුතු බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් රජයේ නොසැලකිලිමත්කම, වගකීම් විරහිත බව පෙන්නුම් කරන අතරම එම හැසිරීමෙන් නීතියේ ආධිපත්‍යයටද  සෘජුවම තර්ජන එල්ල වී ඇති බව ජාතික සාම මණ්ඩලය අවධාරණය කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කටයුතු නොකිරීමට රජය ගෙන යන ක්‍රියා කලාපය නීති ගරුක පුරවැසියන් කණස්සල්ලට පත් කර ඇති බවත්  රටේ ඉහළම අධිකරණය විසින් ලබා දුන් තීන්දුව නොසලකා හරිමින් දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් පොලිස්පති ධූරයේ කටයුතු කළ යුතු බවට රජය තීරණය කර ඇති බවත් ජාතික සාම මණ්ඩලය පෙන්වා දෙනවා.

එම නිවේදනයෙන් ජාතික සාම මණ්ඩලය තවදුරටත් අවධාරණය කර ඇත්තේ වත්මන් රජය  විසින්, ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර බලතල මත රඳාපවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ධර්මතා නොසලකා හරිමින් කටයුතු කරන බව පෙනී යන බවයි.

රජය ප්‍රදර්ශනය කරන මෙම හැසිරීමෙන් නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමේ අවධානමක් මතු කරන බවත්  ඉන් රජයේ අනෙකුත් මට්ටම්වල නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් ලබා දෙන බවත් එම මණ්ඩලය තවදුරටත් සඳහන් කරනවා.  

.


RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා...