30 C
Colombo
Tuesday, September 17, 2024

තර්ජනාත්මක ප්‍රකාශයක් කළ දේශපාලන ආධාරකරුවෙක් CIDයට

- Advertisement -

එළඹෙන ජනාධිපතිවරණය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

ජාතික ජන බලවේගයට සහය දක්වන ආධාරකරුවන් පිරිසක් අතර සිටි පුද්ගලයෙක් මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වුණා.

අදාළ පුද්ගලයා එම තර්ජනාත්මක ප්‍රකාශය සිදු කරන වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමද දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ එම වීඩියෝවෙහි පෙනී සිටින පුද්ගලයා 47 හැවිරිදි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි.

ඔහු හිටපු යුද හමුදා මේජර්වරයෙකු බවත්  අදාළ හඬපටය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බවත් නිහාල් තල්දුව මහතා තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෙට ප්‍රධාන මාර්ගවල ගමන් කරන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අපේක්ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ...

මාව විශ්වාස කරන්න.මම ප්‍රේමදාසගෙ පුතා – සජිත් ප්‍රේමදාස

තමා ජනපති වූ පසු සියලු ශ්‍රී ලාංකික ජනතාව රැකබලාගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ (16) අනුරාධපුරයේ පැවති ජන...

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා තීරණය...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...