28 C
Colombo
Tuesday, September 17, 2024

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

- Advertisement -

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවට පුවතක්  “දිනමිණ” වාර්තා කරනවා.

ඔහු මෙලෙස සමාජ මාධ්‍ය වෙත යොමු කොට ඇත්තේ දෙමළ පොදු අපේක්ෂකයා වෙනුවෙන් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් බව සඳහන්.

එම පුද්ගලයා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු වන අතර ඔහු වවුනියාවේ රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්ද සලකුණු කරන මධ්‍යස්ථානයකට ගොස් සිටියදී මෙම ක්‍රියාව සිදු කොට ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා..

සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඔහු එම නිල තැපැල් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය කුමක් දැයි මෙතෙක් හෙළි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව එය කුමක්දැයි ප්‍රකාශ කළ හැකි බවයි.

මේ මේ සම්බන්ධයෙන් වවුනියාව මැතිවරණ කාර්යලය වෙත හා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් වෙත ද පැමිණිලි කොට ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...