රට දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත්කිරීමේ ප්‍රධානම නියමු කාර්යභාරයක් නීතිපති දෙපාර්තමේන්තුවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ (01) ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසු අතර මේ සඳහා නීතිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ඔවුන් විසින් තමාට ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළා.
මුළු රාජ්‍යය පුරාම වංචාව, දූෂණය පිළිකාවක් මෙන් පැතිර තිබෙන බැවින් දූෂණ වැළැක්වීම සඳහා විශාල වෙහෙසක් දැරිය යුතු බව පැවැසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැදිහත් වීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.
ඊට අදාළ වන රාජ්‍ය ආයතනයන් තමන්ට පැවැරී තිබෙන වගකීම් නිසි පරිදි තේරුම් ගත යුතු බවත් නීතියේ ආධිපත්‍යය යළිත් තහවුරු කිරීම සඳහා ආණ්ඩුව විශාල වෙහෙසක් දරමින් සිටින බවත් දිසානායක මහතා පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“අපි ක්‍රමානුකූලව නීතියේ ආධිපත්‍යය යළි අපේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා අපි ශක්තිමත්ව වැඩ ආරම්භ කරලා තිබෙනවා. දීර්ඝ කාලයක් නීතියේ ආධිපත්‍යය නොසලකා හරින තත්ත්වයක් තිබුණා. විශේෂයෙන් ම අපරාධකරුවන් නීතියේ උඩින් ඉන්නවා. දූෂිතයන් නීතියට වඩා උඩින් ඉන්නවා.
දේශපාලන අධිකාරීන් තමන්ට අවශ්‍ය හිතූ හිතූ පරිදි නීතිය උල්ලංඝණය කරනවා, ව්‍යවස්ථාව කඩනවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාවේ නීති කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී තිබෙනවා. රටේ ඉහළ ම පුරවැසියා ව්‍යවස්ථාව කඩන රාජ්‍යයක නීතියේ විධානයේ ආධිපත්‍යය ගැන කවර කතා ද? කියා මම ඔබගෙන් අසනවා. ඒ නිසා අපි මේ නීතියේ ආධිපත්‍යය යළිත් සහ තහවුරු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. ඒ වගේ ම අපි දන්නවා අපේ රටේ රාජ්‍ය දේහයත් දේශපාලන දේහයත් මුළු සමාජයත් පුරා විශාල වශයෙන් අල්ලස, දූෂණය, වංචාව හා නාස්තිය පැතිරී තිබෙනවා. එය අපේ රටේ මුළු රාජ්‍යය පුරා ම පිළිකාවක් වගේ පැතිරිලා තිබෙනවා. අපට විශාල වෙහෙසක් දැරිය යුතුව තිබෙනවා මේ දූෂණය හා වංචාව නතර කරන්න. මා හිතනවා එහිදී අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් තිබෙනවා. මා හිතනවා නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා තමන්ට පැවැරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය වන සහාය ලබා දෙයි කියලා.
ඒ වගේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අධිකරණ පද්ධතියට යළි අපේ රට දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත්කිරීමේ ප්‍රධානම නියමු කාර්යභාරයක් තිබෙනවා. ඔවුන් මේ සඳහා කැපවී කටයුතු කරනු ඇතැ’යි කියන විශ්වාසය අපට තිබෙනවා. මොකද දේශපාලන අධිකාරිය වන අපි ආදර්ශයෙනුත් ක්‍රියාවෙනුත් දූෂණය නතර කරන්නත්, වංචාව නතර කරන්නත් අපි ආදර්ශය සපයනවා. හැබැයි දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ, ඊට අදාළ වන රාජ්‍ය ආයතනයන් තමන්ට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි තේරුම් අරගෙන ඒ වෙනස්වීම සඳහා දායකත්වය සහාය ලබාදුන්නේ නැත්නම්. ඒ නිසා මා ඒ අදාළ ආයතනයන්ගෙන් නිලධාරීන්ගෙන්, ඉල්ලා සිටිනවා අපිට ඒ අවශ්‍ය වන සහාය අවශ්‍යයි.”