විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
අද (22) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ දේශපාලඥයින් සිදුකරන කිසිදු ප්‍රකාශයක් මේ වන විට මහජනතාව සැලකිල්ලකට නොගන්නා නිසාවෙන් හානිය අවම බවයි.
පසුගියදා එක්තරා දේශපාලකයෙක් එළැඹෙන ජූනි 01 වනදා සිට විදුලිය විසන්ධි කිරීම නවතා දැමෙන බවට සදහන් කළත් එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
එමෙන්ම ඉදිරියේදී පැය 15 ක කාලයක් දක්වා විදුලිය විසන්ධි කිරීමට ඉඩ ඇති බවට දේශපාලඥයෙක් සඳහන් කළද එයද අසත්‍ය බව ඔහු පෙන්වා දෙනවා.
පසුගියදා ජාතිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඉදිරියේදී පැය 15 දක්වා විදුලිය විසන්ධි කිරීමට වුවත් සිදුවිය හැකි බවයි.