මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරනවා.
ඒ සඳහා විකල්ප මාර්ග ලෙස මනම්පිටිය හරහා දෙහිඅත්තකණ්ඩිය බකමූණ මාර්ගය භාවිතා කල හැකි බව පොළොන්නරුව ආපදා කළමනාකරන කාර්යාලය මහජනතාවට දැනුම් දීමක් කරනවා.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එහි දොරටු දහයම අඩි එක බැගින් විවෘත කිරීමට,පියවර ගත් බවත්, ඉන් තත්පරයට ගණ අඩි දාහක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරෙන බව පොළොන්නරුව වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළා.
එම දොරටු දහය අද (26) රාත්‍රිය වනවිට අඩි තුන බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බවද අබේසිංහ මහතා සදහන් කර තිබෙනවා.