28 C
Colombo
Friday, September 20, 2024

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

- Advertisement -

‘SL-Vlogs’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුපියල් මිලියන 50 ක වන්දියක් ඉල්ලා ඔහු මෙම නඩුව පවර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම නඩුව සඳහා නීතීඥ තමිලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත ඩිලාන් නාලක සමඟ තිෂ්‍ය වේරගොඩ යන නීතීඥවරුන් බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටීමට නියමිතයි.

නතාශා එදිරිසුරිය නමැති ප්‍රහසන ශිල්පිනයක්, ප්‍රහසන වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයකින් බුදු දහමට අපහාස වී ඇති බවට චෝදනා කරමින් එය විකාශය කිරීම  මුල් කරගනිමින්, බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේවෙතත්, ඔවුන් දෙදෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කළ බවට නීතිපතිවරයා අධිකරණයට දැන්වීමෙන් පසුව බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය 2024 ජුනි මාසයේදී බුදුදහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වූ නඩුවෙන් නිදහස් වුණා.


RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...