30 C
Colombo
Thursday, December 19, 2024

ජන හා නිවාස සංගණනය අවසන්

- Advertisement -

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම තොරතුරු රැස් කිරීම් සිදුකෙරුණු බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවා.

ඒ අනුව මෙවර සංගණනයේ කටයුතු අවසන් කෙරුණ අතර ඉදිරි දින 05ක කාලය සංගණන කටයුතු යාවත්කාලීන කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට ‍ජන හා නිවාස සංගණනයේ පුද්ගලයින්ගේ සහ නිවාසවල තොරතුරු රැස්කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගණන නිල‍ධාරී පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙස ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

සංගණන කටයුතු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත මූලික වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

වාණිජමය නොවන ආයතන සමාලෝචනයට රජය සුදානම්

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ (18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා. අත්‍යවශ්‍ය...

මොන්ටිසෝරි දරුවන්ට ආණ්ඩුවෙන් උදේ කෑම

මුල් ළමාවිය සංවර්ධන හා පෙර පාසල් වල ළමුන්ට උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක්...

සුනඛයෙකුට පහරදුන් සැකකරුවන් 02ක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා. ඒ සම්බන්ධව සුනඛයාගේ හිමිකාරිය විසින් ඊයේ...

POPULAR ARTICLES