හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා ඔහු දෙන උපදෙස් අනුව සේවයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසාා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මෙහෙයුම් කටයුතු පූර්ණ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පියවරෙන් පියවර යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලුම අංශයන් සම්පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නොපමාව කටයුතු කළයුතු බව ඒ මහතා සිය ලිපියේ සදහන් කර ඇත.