තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති එකාබද්ධ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වී තිබෙනවා.
ඒ අනුව හෙට (16) පස්වරු 4.00 සිට 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි සූදානම් වන්නේ.
වෘත්තීය සමිති නියෝජිතයන් එකාබද්ධව කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.