25 C
Colombo
Friday, November 1, 2024

තැපැල් ඡන්ද විමසීම අද දෙවැනි දිනටත්

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අද(01)ට යෙදී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආයතනවලදී ඒ සඳහා පහසුකම් සලසා ඇති බවයි.

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 7,38,000කට අධික බව ඔහු ප්‍රකාශ කළා.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටිනවා.

මේ අතර, තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 1000 ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය විසින් පියවර ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ණය වැඩසටහනට නව රජයේ කැපවීම තහවුරුයි – IMF

ශ්‍රී ලංකාවේ නව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම යළි තහවුරු කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක...

අද මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්...

අකුණු සැර වැදී 11 හැවිරිදි දැරියක් මරුට

අකුණු සැර වැදීමකින් 11 හැවිරිදි දැරියක් මියයෑමේ සිදුවිමක් පස්සර ප්‍රදේශයෙන් වාර්තා වනවා. දැරියට අකුණු සැර වැදී ඇත්තේ ඊයේ (31) දහවල් කාලයේදී. පියා හා සහෝදරයා නිවස පිටුපස...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...