රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බිඳ වැටූ තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් හෙට වන විට එය නැවත ජාතික පද්ධතියට එක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
ජූලි 01 වනදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබුණත් එය එළැඹෙන සතියේ සිට ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව සොයා බලන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙමඟින් ජනතාව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රැස් කිරීම නතර කරනු ඇති බවත්, එමඟින් එම යන්ත්‍ර සඳහා වැය වන ඉන්ධන ජනතාවට ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදාගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.
විදුලි අර්බුදයට තිත තැබීම සඳහා රජය ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කළත් ඉන්ධන අර්බුදය සඳහා කෙටිකාලීන විසඳුමක් නොමැති බවත් පෙන්වා දෙනවා.