ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපියක් නිකුත් කර ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා වන තමන්ගේද අනුදැනුමකින් තොරව බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අදාල ලිපියෙන් 2021 සඳහා යෝජිත අයවැයට අනුකූලව ජනවාරි 1 වනදා සිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙසටයි ජයසුන්දර භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2021 අයවැයෙන් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංශෝධනය කිරීම සඳහා පමණක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව රටේ දැනට පවතින විදුලිබල නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට නියෝග කර තිබියදීත් විදුලිබල අංශයට නියාමන ආයතනයක් අවශ්‍ය වන බවද අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසනවා.
- භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ
- සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු මුදල් ගන්න ජාවාරමක
- උදයංග රිමාන්ඩ්
- Breaking: දුමින්දට බන්ධනාගාර රෝහල අහිමිවෙයි
- රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි
- T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය