මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිදවැටී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.
ඒ අනුව ගම්පොළ, කැළණිය, වත්තල, ගාල්ල, දික්වැල්ල, බිබිල, පානදුර, රත්නපුරය, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.
කෙසේවෙතත් ඊයෙ (31) දිනයේ විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේ අප්‍රේල් මාසය අවසන් වන තුරු යළි විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.
නමුත් අලුත්වැඩියාවකින් අනතුරුව ඊයේ යළි සක්‍රීය කෙරුණු නොරෙච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද යළිත් බිඳ වැටුණා.