28 C
Colombo
Sunday, September 15, 2024

ප්‍රසන්නගේ කීර්ති නාමයට හානිවෙලා

- Advertisement -

තමන්ට ලැබුණු සුරා බදු බලපත්‍රයක් ගම්පහ – මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ අනුව, ඉන් තම කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 200 ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස ඉල්ලමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් දයාසිරි ජයසේකර වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි මගින් මෙම එන්තරවාසි යොමු කරමින් අමාත්‍යවරයා, මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොලියද, නඩු ගාස්තු අය කරමින් නඩු පවරන බවයි.

තම සේවාදායකයා වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් කුරුණෑගල පැවැති රැස්වීමක දී හා ඉරාජ් ශෝ නැමැති යොඋ ටුබෙ චැනලය ඔස්සේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පළ කළ අදහස් අසත්‍ය බව නීතිඥය නදීශ හෙට්ටිආරච්චි එම එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් සිය සේවාදායකයා සම්බන්ධයෙන් පළ කළ එම ප්‍රකාශය ඊට පසු දින පෞද්ගලික රූපවාහිනි මාධ්‍යයක උදෑසන ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන මගින් සාකච්ඡාවට ලක් කර ඇති බවද එම එන්තරවාසියේ සඳහන් කර තියෙනවා.

අදාළ අසත්‍ය ප්‍රකාශය මගින් වත්මන් රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු හා මහ මැතිවරණයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වුණු තම සේවාදායකයා සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බරපතල පළුදුවීමක් සිදුවීමට හැකියාව ඇති බවයි එන්තරවාසියෙන් පවසා ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසා ඇති අතර තම සේවාදායකයාගේ නමින් හෝ ඔහුගේ නිර්දේශ මත වෙනත් අයකුට කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවටත් තම සේවාදායකයා සහතික වී ඇති බවත් නීතීඥ නදීෂ හෙට්ටිආරච්චි මගින් යවා ඇති එන්තරවාසියේ සඳහන් බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍යය සඳහා මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසනවා. නිහඬ කාලසීමාවේ...

තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගිහින්

නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබෙනවා. කෙසේ...

ඡන්ද කාඩ් නොලැබුණු අයට දැනුම්දීමක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුනු පුද්ගලයින්ට, ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...