24 C
Colombo
Monday, January 13, 2025

කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි අල්ලාහ් දෙවියන්ගෙන් යදින්න – අගමැති

- Advertisement -

ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ.

මෙහිදී මුස්ලිම් ජනතාව එකමුතුභාවයටත් ,පරිත්‍යාගශීලීත්වයටත් මුල්තැන දෙනවා.

මෙරට හජ් වන්දනා සැමරුම් කොවිඩ් -19 මාර්ගෝපදේශවලට යටත්ව සිදුකරන බවයි කොළඹ මහා පල්ලිය සඳහන් කරන්නේ. සීමිත පිරිසගේ සහභාගිත්වයෙන් යාච්ඤා කටයුතු සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇති බව එහි ප්‍රධාන මවුලවි මොහොමඩ් තස්ලින් පවසනවා.

මේ අතර, සියලුදෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභ සිද්ධිය පිණිස කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සීමාවන් කෙරෙහි විශේෂ අවදානය යොමුකර ඉස්ලාම් සමය වතාවත්වල නිරත වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්ලාමීය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, ඉස්ලාමීය මඟපෙන්වීම් ද නිසි අයුරින් අනුගමනය කරමින් ලෝකවාසී ජනතාවම කෙටි කලක් ඇතුළත කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි අද වැනි උතුම් දිනෙක අල්ලාහ් දෙවියන්ගෙන් අයැදිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉස්ලාමීය බැතිමතුන්ට සිහිපත් කර සිටින්නේ.

මේ අතර, මෙවර හජ් උත්සවය වෙනුවෙන් සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

අනුරාධපුරේ මහ වැව් 9ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග...

POPULAR ARTICLES

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

දිගු වුණ ෂකීබ්ගේ තහනම

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද...