27 C
Colombo
Monday, April 7, 2025

මෙරට ෆයිසර් එන්නත් දී මියන්මාරයෙන් සහල් ගැනීමේ සූදානමක්

- Advertisement -

එන්නත්කරණයෙන් පසුව ශ්‍රී ලංකාව තුල ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ. මෙම ෆයිසර් එන්නත් තොගය තව මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිත බවත් ඔහු පවසනවා.

මේ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15ක ආධාර දැනටමත් ලැබී ඇති බවත් සෞඛ්‍ය පොදු ගිණුමටද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් පසුගිය සතියේ දී ලබා දුන් බවත් අන්වර් හම්දානි මහතා පවසනවා.

ඕමානය කටාර්, ඩුබායි යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද කොරියාව ඉතාලිය කැනඩාව යන රටවල ශ්‍රී ලාංකික නායක ස්වාමීන් වහන්සේලාද ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට උදව් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

චාමර අධිකරණයට 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.

කොටස් වෙළඳපොළ ගනුදෙනු අත්හිටුවලා

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා...

කොට උඩ ගිය ජල ව්‍යාපෘතිවලින් ලක්ෂ 59ක පාඩුවක්

කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා...

POPULAR ARTICLES

චාමර අධිකරණයට 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.

කොටස් වෙළඳපොළ ගනුදෙනු අත්හිටුවලා

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා...

ට්‍රම්ප්ගේ බදු තීරණයට රටවල් රැසක් සාකච්ඡාවට සුදානම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවනු ලැබූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රටවල් රැසක් මේ වනවිට අමෙරිකාව හා...