26.7 C
Colombo
Wednesday, January 22, 2025

පොල් ගෙඩි මිලියන 200ක් ගෙන්විමේ සූදානමක්

- Advertisement -

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ, දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඒ මහතා පවසා සිටියා.

ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බවයි.

මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400ක් 2600ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බවත් ඔහු කියා සිටියා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී පොල් ගෙඩි මිලියන 200ක නිෂ්පාදන අඩුවක් සිදුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බව ජයන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එයට විසඳුමක් ලෙස රජයට මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව පැවසූ සභාපතිවරයා හිඟ පොල් ගෙඩි මිලියන 200ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවත් කියා සිටියා.

මේ අතර පොල් පොහොර කිලෝ 50ක ඇසුරුමක් රු 1,500 සිට රුපියල් 12,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදුකරන්නේ වගාකරුවන් සියයට 10කට අඩු සංඛ්‍යාවක් බවද එය පොල් හිඟයට ප්‍රධානත්ම හේතුව බවත් ඔහු පැවැසුවා.

මෙයට විසඳුමක් ලෙස කිලෝ 50ක පොල් පොහොර බෑගයක් අවම වශයෙන් රුපියල් 4,000ක මිලකට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ සභාපතිවරයා එළැඹෙන අයවැයෙන් පොල් පොහොර මිල අඩු කිරීමට නියමිත බවද කියා සිටියා.

එමෙන්ම පොල් වගාකරුවන්ට ජලසම්පාදනයට සහ පස සංරක්ෂණය සඳහා සහනාධාරයක් ලබාදෙන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු සභාවාරයට...

ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් ගිහින්

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම...

කාන්තාවක් පොලිස් සිරමැදිරියේදී සියදිවි හානිකර ගනී

මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම  සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා. වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ...

POPULAR ARTICLES