24 C
Colombo
Friday, November 15, 2024

ඡන්දෙ දෙන්න ආපු ජනපති අනුර

- Advertisement -

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය  ප්‍රකාශ  කළා .

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවයි.

ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක්  ගොඩ නැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර  යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඇති  කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව   ප්‍රකාශ කළා.

එමෙන්ම ජයග්‍රහණයෙන් අනතුරුව සියලුදෙනා සෙසු පාක්ෂිකයින්ට හිංසා නොවන අයුරින් හැසිරීමට වගබලා ගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

“මේ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඉතාමත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් සඳහා ජනවරම අපේක්ෂා කරනවා. එම ජනවරම ජනතාව විසින් අපට ලබා දෙන බව අපට විශ්වාසයක් තිබෙනවා. ජයග්‍රහණයෙන් පසුව අනෙක් පාක්ෂිකයන්ට හිංසා නොවන, කරදර නොවන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව අපි මැතිවරණ ජයග්‍රහණය සැමරිය යුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරය ගත්තත් ලංකාවේ මෙතෙක් පැවැති සාමකාමීම ප්‍රජාතන්ත්‍රවාදීම මැතිවරණ ව්‍යාපාරය. එය අපේ රටේ ජනතාව අත්පත් කරගනු ලැබූ දේශපාලන ජයග්‍රහණයක්. ලිහලා බලන්න තියෙන මල්ල, ඔබලා බලන්න අවශ්‍ය නෑ…. නේද? “

RECENT ARTICLES - SINHALA

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

POPULAR ARTICLES