විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාව අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම සිදුකර ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත් කළ බවය.