26.9 C
Colombo
Friday, March 14, 2025

සමාව අයදිනවා නම් රන්ජන්ට ජනාධිපති සමාව දීම සලකා බලයි – ලොහාන්

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සියලු අධිකරණ විනිසුරුවරුන්ගෙන්ම සමාව ගතයුතු බව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

ඔහු විසින් ජනාධිපති සමාව ඉල්ලා සිටීමට පෙර, තමන් අතින් සිදු වූ වැරැද්ද සම්බන්ධයෙන් සමාව අයැදිය යුතු බව‍ත් එසේ කළහොත් ජනාධිපති සමාව යටතේ රාමනායක මහතා නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරනු ඇති බවත් ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව දී නිදහස ලබාදෙන ලෙස ලෙස කලාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක්ද ඉල්ලීම් කළ අතර, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පසුගියදා ඉල්ලා සිටියා, .

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මහතාට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වූ අතර මේ වනවිට ඉන් වසරකට ආසන්න කාලයක් ඔහු ගතකර තිබෙනවා.

පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතා හට වස‍ර 4ක සිර දඬුවම් නියම වී ඇති අතර අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී පසුගිය අගෝස්තු මස ඔහුට කොවිඩ් වෛරසයද ආසාදනය විය.


RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...