26.4 C
Colombo
Friday, March 14, 2025

ඇෆ්ගන් ජනපති මන්දිරයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වෙද්දී ජනපති දිගටම එළිමහනේ යාඥාවක

- Advertisement -

ඊද් අල්-ආදා හි මුස්ලිම් උත්සවය සඳහා වූ යාඥා කිරීම් අතරතුර ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරය අසලට රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එල්ල කරන ලද රොකට් ප්‍රහාර තුනක් ජනාධිපති මන්දිරයෙන් පිටත පුපුරා ගොස් තිබුණි.

නමුත් ජනාධිපති අෂ්රෆ් ඝානි ඇතුළු බැතිමතුන් එළිමහනේ ආගමික රැස්වීම අතරතුර සන්සුන්ව දිගින් දිගටම යාඥා කරමින් සිටි ආකාරය රූපවාහිනී ඔස්සේ විකාශය කර තිබේ.

ප්‍රහාරයේ වගකීම භාර ගැනීම තලේබාන් කැරලිකරුවන් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.ඊද් ආගමික නිවාඩු කාලය තුළ සටන්කරුවන් “ආරක්ෂාකාරී තත්ත්වයක” සිටින බව එහි ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් වොයිස් පණිවුඩයක් ඔස්සේ රොයිටර් වෙත ප්‍රකාශ කර ඇත.

පෙර වසරවල මෙන් නොව තලේබාන් සංවිධානය මේ සතියේ ඊද් සඳහා සටන් විරාමයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

කෙසේ වෙතත් සටන් විරාමයක් සම්බන්ධයෙන් විමසූ විට මුජාහිඩ් පිළිතුරු ලබා දී නොමැත.

පළමු පිපිරීම ඇසෙන විට ඝානි සහ තවත් සිය ගණනක් බැතිමතුන් යාඥා සඳහා දණ ගසා සිටින බව රූපවාහිනී දර්ශන පෙන්වා දෙයි.

පිපිරුම් හඬ මධ්‍යයේ ආරක්ෂක භටයින් වේගයෙන් ඒ දෙසට දිව යද්දී ඝානි ඇතුළු පිරිස දිගින් දිගටම යාඥා කරන ආකාරය දැකගත හැකි විය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඝානි ජනාධිපති ධුරයට පත්වීමේදී රොකට් 4 ක් මන්දිර භූමියේ අද්දරට වැටී තිබුණි.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...