දුමින්ද සිල්වාට පසුගිය රජය සමයේදී විශාල අසාධාරාණයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත තිබූ බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (24) දින මාධ්‍යය අමතමින්.
“කෙසේ වෙතත් නඩුතීන්දුව එතුමට විරුද්ධව ගියා. එතුමා බන්ධනාගාරගත උනා. ඒ වගේම එතුමා කරපු ඉල්ලීම සලකා බලලා. නීති උපදෙසුත් පතලා ජනාධිපතිතුමා ඒ තීන්දුව අරගෙන තියෙනවා” යැයි නාමල් රාජපක්ෂ පවසයි.