ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව යටතේ සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වා ගෙන යෑම සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් 1959 අංක 08 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 06 දරණ පනතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ 02 වැනි වගන්තියෙන් තම බලතල ප්‍රකාරව අප්‍රේල් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක වනු ඇති.